සිරි යහනේ නැත සහනේ ,ක්ෂනික මෝචනය (Premature ejaculation ) ADULTS ONLY


ක්ෂනික මෝචනය (Premature ejaculation )
ක්ෂනික මෝචනය යනු ලින්ගික සන්සර්ගයේදී පුරුෂයා හෝ ස්ත්‍රිය බලාපොරොත්තු වනවාට කලින් පුරුෂයාගේ සුක්‍රානු මෝචනය වීමයි. මෙය බහුලව දක්නට ලැබෙන ලින්ගික ගැටලුවකි . සෑම පුරුෂයන් 3 න් දෙනකුගෙන් එක් අයකු කිනම් හෝ අවදියකදී මෙම ගැටලුවෙන් පීඩා විදී.නමුත් බොහෝ දෙනා මේ පිලිබදව කතා කිරීමට හෝ වෛද්‍ය වරයෙක් හමු වීමට මැලි කමක් දක්වයි.එ බැවින් සෑම දෙනෙකුම දැනගත යුතු කරුනක් වන්නේ මෙය ඉතා බහුලව දක්නට ලැබෙන ගැටලුවක් වන අතර එය ප්‍රතිකාර කල හැකි තත්වයකි. 

ක්ෂනික  මෝචනයේ ලක්ෂන මොනවාද ? 

පුරෂා ගේ සුක්‍රානු ඔහු හෝ ස්ත්‍රිය බලපොරොත්තුවනවාට වඩා කලින් පිට වීම මුලික ලක්ෂනය වන අතර,මෙසේ සුක්‍රානු පිටවීම ලිගුව යෝනි මර්ගයට ඇතුලු කිරීමට පෙර හෝ ඇතුලු කර සුලු මොහොතකින් සිදු විය හැක.මෙම හේතුන් නිසා ස්ත්‍රිය සහ පුරුෂා යන දෙපර්ශවයම නොසතුටට පත් වේ. 


හේතු මොනවාද ? 

ප්‍රධානම හේතුව වන්නේ මානසික බලෑමයි , එනම් මන්සේ පවත්න නොසන්සුන් කම නිසා බොහෝ පිරිසක් මෙමගින් පීඩා විදී.එම නිසා කාලයත් සමග මෙය බොහෝ දෙනෙක් මෙම තත්වයෙන් මිදේ. අනෙක් හේතුන් වන්නේ අධික ලෙස ලිගික සන්සර්ගයට පෙර උත්තෙජනය කිරීමයි. 


වෛද්‍ය  පරීක්ෂන මොනවද ? 

මේ සදහා කිසිදු වෛද්‍ය පරීක්ෂනයක් කිරීමට අවශ්‍ය නොවන අතර වෛද්‍ය වරයා විසින් අදාල පුද්ගලයා සමග කතා බස් කිරීම මගින් රෝගය හදුනා ගනී 


ප්‍රතිකාර කරන්නේ කෙස්ද ? 

මින් මිදීම සදහා අවශ්‍ය වන්නේ පලපුරුද්ද සහ මනස සැහල්ලුවෙන් පවත්වගේන සිටීම්යි. 

ඊට අමතරව පහත සදහන් ක්‍රමද ඔබට භාවිත කල හැක. 


නැවතීම සහ යලි ඇරබීමේ ක්‍රමය 

මෙහිදී පුරුෂයාට සුක්‍ර මෝචනය වීමේ හැගීම දැනුන විගසම ලින්ගික උත්තේජනය නවතා මදක් ලිහිල් විය යුතුය ( තත්පර 30 ක් පමන ) ඉන් පසු නැවතත්  ලින්ගික උත්තේජනය  ඇරබිය හැක. මේ ආකරයට දිගින් දිගටම සිදු කල හැක. 


මිරිකීමේ ක්‍රමය    
මෙහිදී පුරුෂයාට සුක්‍රානු  මෝචනය වීමේ හැගීම දැනුන වහාම ලිගින්ගික උත්තෙජන්ය නවතා ශිෂ්නයේ කෙලවර තදින් සවල්ප වේලවක් මිරිකිය යුතුය එමගින් සුක්‍රානු මෝචනය වලකි. මෙසේ මිරිකීම තමාටම හෝ සහකාරියට සිදුකල හැක. 

මෙම ප්‍රතිකාර ක්‍රම මගින් ඔබගේ ගැටලුවට විසදුමක් නොලැබුනේ නම් මේ සදහා සුදුසු වෛද්‍ය වරයෙක් හමු වී ඔබගේ ගැටලුව ඉදිරිපත් කිරීමෙන් විසදුමක් ලබා ගත හැක



Comments

  1. thanks doka...........

    ReplyDelete
  2. visit below site to earn from internet

    http://adsense.sasroo.com/index.php?r=62

    ReplyDelete
  3. සමහර ඇඩ් නම් බ්ලොගයත් එපා කරවනවා.තිරය මැද්දට ලොකු බැනර් එකක් එනවා.මං හිතන්නේ ඒ වගේ දේවල් නිසා මේ බ්ලොගයට පැමිණෙන සංඛයාව අඩු විය හැකියි.

    ReplyDelete

Post a Comment