වෘෂණයක් කුඩාවීම මඳසරු භාවය ඇති කරයිද ?

ගැටලුව
ptq005
ඉස්සරලාම ස්තූති වන්ත වෙනවා මේ වගේ අඩවියක් පවත්වාගෙන යෑම පිළිබඳව
මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා - මගේ එක් වෘෂණයක් ඉතාමත් කුඩයි. පොඩි කාලේ වෘෂණ ඉදීමීමක් සිද්ද වුනා. මට හිතෙන්නේ ඒකේ ප්‍රතිපලයක් නිසා කියලයි. ඒත් ඒ ඇති වුන රෝගි තත්වය මොකක්ද කියලා හරියටම දන්නේ නෑ.මේ තත්වය දරුවන් ලැබීමට බලපෑමක් ඇති කරාවිද. සරුබාවය පිළීබද පරික්ෂයක් සිදු කරගන්නේ කොහොමද? 

පිළිතුර
ඔබට කුඩා කල ඇතිවු වෘෂණ ඉදීමිමේ තත්වය බොහෝ දුරට යම්කිසි ආසාධන තත්වයක් විය හැක. නමුත් එය ස්ථිරවම කිව නොහැකියි.නමුත් ඔබගේ එක්  වෘෂණයක්  කුඩා බව ඔබට හැඟෙන්නේ නම් එ බව ස්ථිර කර ගැනීමට ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වීම මඟින් සිදු කල හැක .එමඟින් ඔබට ඇති ගැටළු පහසුවෙන් විසඳා ගත හැක . එම වෛද්‍යවරයා විසින් අවශ්‍ය නම් පමණක් ශුක්‍රාණු විශ්ලෙෂණ කිරීම මඟින් ඔබට මඳසරුභාවය තිබේද යන්න තීරණය කරනු ඇත .ඔබගේ email ලිපිනය අපට එවා නොමැති බැවින් ඔබ වෙත පුද්ගලිකව පණිවිඩයක් එවීමට නොහැකි වීම පිළිබදව අපගේ කණගාටුව.

තවදුරටත් කරුණු දැනගැනීමට අවශ්‍ය නම් අපට ලියන්න.
ස්තුතියි.






Comments

  1. බොහෝමත්ම ස්තූතියි පිළීතුරට. ‍මේච්චර ඉක්මට ප්‍රශ්නයට උත්තරයක් ලැබෙයි කියලා හිතුවේ නෑ. ගොඩක් ස්තූතියි

    ReplyDelete

Post a Comment