පුරුෂ ලිංගික අප්‍රනිකත්වය (අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණි) adults only
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3W88Kz3ainGzy0gA859RCCg7hiZDKRd8yySM9VHYV3vtJAT5EWgTyYm_5smdhkokWXttvTwSCb4kksgo6DMNGHws4riZjIwiMLapZLks28CGMccghWUVgW_xS63-4Atb6GgZ_jm3pfLCS/s200/impotence.jpg)
පුරුෂ ලිංගික අප්‍රනිකත්වය (Erectile dysfunction; Impotence; Sexual dysfunction)
පුරුෂ ලිංගික අප්‍රනිකත්වය යනු පුරුෂයාගේ ලිගුව ප්‍රාණවත් කර ගැනීමට නොහැකි වීම හෝ ප්‍රානවත් වු ලිගුව සන්සර්ගය අවසන් වන තෙක් පවත්වා ගෙන යමට නොහකි විමයි, මෙම තත්වය දිගින් දිගටම පැවතීම පුරුෂ ලිංගික අප්‍රනිකත්වය ලෙස හැදින්වේ. මෙම ගැටළු බොහෝ දුරට දක්නට ලැබෙන්නේ වැඩිහිටි අවදියේදීය . සෑම පුරුෂයෙක්ම ජීවිතේ කුමන කලයක දී හෝ මෙම ගැටලුවෙන් පීඩා විදීමට බොහෝ දුරට ඇත , එම නිසා මෙම ලිපිය හොදින් කියවා තේරුම් ගන්න . නමුත් තත්වය එසේ වුවත් බොහොමයක් අවස්ථා මෙය ප්‍රතිකාරයක් නොමැතිව හෝ ඉතා කුඩා ප්‍රතිකරයක් මගින් සුව කල හැක ඔබට මෙම ගටලුව දිගින් දිගටම පවතින්නේ නම් එය ඔබගේ ආත්ම විශ්වාසය පහලට ඇද දමන අතර ඔබගේ පවුල් ජීවිතය කඩා කප්පල් කිරිමටද හේතු වේ . අතීතයේදි ලිගුව ප්‍රානවත් නොවිම සලකනු ලැබුවේ සම්පුර්නයෙන්ම මනසික ලෙඩක් ලෙසය.නමුත් දැන් වෛද්‍යවරු මේ සදහා කයික තත්ව බලපාන බව සොයගෙන ඇත.
හේතු මොනවද?
ලිගුව ප්‍රානවත් වීමට මොලය , ස්නයු ,හොර්මොන , රුධිර වහිනි නියමිත ආකරයෙන් ක්‍රියත්මක විය යුතුය
කයික තත්ව
- දිය වැඩියව
- අධික රුධිර පීඩනය
- හදවත් රෝග
- තයිරොයිඩ් රෝග
- පර්කින්සන් රොගය
ඖෂධ වර්ග
- අධික රුධිර පීඩනය ට ගන්නා ඖෂධ
- නිදින්ද යාමට ගන්නා ඖෂධ
- හදවත් රෝගවලට ගන්නා ඖෂධ
- බඩේ තුවාල වලට ගන්නා ඖෂධ
- මානසික ලෙඩ වලට ගන්නා ඖෂධ
ශල්‍ය වෛද්‍ය හේතු
- පුරස්ථ ග්‍රන්ථිය හා සම්බන්ධ ශල්‍ය කර්ම
- සුසුම්නාවට ( කොදු නාරටිය ) හානි වීම මගින් උදා: ඉහල ස්ථානයක සිට පහලට වැටීමෙන් කොදු නාරටිය බිදීම
මානසික හේතු
- මානසික පිඩනය , බිය , තරහව
- නිතර නිතර නියම ආකාරයෙන් සංසර්ගයේ දීමට නොහැකි වේ යන හැගීම මනසේ පැවතීම
- සහකාරිය සමග මනා සංවාදයක් නොපවත්වා ලිංගික කාර්යයේ දීම
වෙනත් හේතු
- දුම් බීම
- මත් පැන් පානය කිරීම
- වෙනත් මත් ද්‍රවුය භාවිතය
- පොදුවේ ගත් කල කියක හේතු වැඩිමහලු කාලයේ ලිංගික අප්‍රනිකත්වයට හේතු වන අතර . මානසික ගැටළු නිසා තරුණ වියේ ලිංගික අරනිකත්වය ඇතිවේ
මානසික හේතු කායික හේතු වලින් වෙන් කරගන්නේ කෙසේද?
- සාමාන්‍යයෙන් පුරුෂයකුට රාත්‍රී නිදියන කාලය තුලදී ලිගුව, තෙවරක සිට 5 ස් වතාවක් අතර ප්‍රමානයක් ප්‍රාණවත් වේ .මෙසේ ප්‍රාණවත් වූ ලිගුව විනාඩි 30 ක පමණ කාලයක් පවතී .
- එම නිසා ඔබගේ ලිගුව නින්දෙන් නැගිටින අවස්ථාවේදී ප්‍රාණවත් වී ඇත්නම් එය කායික හේතුවක් නිසා සිදු වූ ලිංගික අප්‍රානිකත්වයක් නොවේ
ගෙදරදී කල හැකි ප්‍රතිකාර මොනවාද ?
- ඔබගේ යහපත් සෞඛ්‍ය හැසිරීම් රටාව බොහෝ දුරට ඔබට යහපත් ප්‍රතිපල ගෙන දේ
- දුම් බීම ,මත් පැන් පානය ,වෙනත් මත් ද්‍රවුය භාවිත ය නැවැත්විය යුතුය
- හැකි තරම් මනස නිදහස් ලෙස පවත්වාගත යුතුය
- ව්‍යායාම කල යුතුය
- සෞඛ්‍ය මත් අහර වේලක් ගත යුතුය
- ඔබගේ සහකාරිය සමග ලිංගික ගැටළු ,ලිගිකත්වය පිලිබදව සාකච්චා කල යුතුය මෙය ඔබට කල නොහැකි නම් මේ සදහා උපදෙස් දෙන්න වූ ස්ථානයකින් ඔබට සේවය ලබා ගත හැක
වෛද්‍ය වරයකු හමු විය යුතේ කුමන අවස්ථාවේදී ද ?
- ගැටලුවට විසදුමක් ඉහත සදහන් ක්‍රම වලින් නොලැබෙන්නේ නම් ගැටලුව ඇරබුනේ ශල්‍ය කර්මයකට පසුව නම්
- ලිංගික අප්‍රානිකත්වයට අමටරව කොන්දේ කැක්කුම , බඩේ කැක්කුම , මුත්‍රා අපහසුතා පවතින්නේ නම්
- ලිංගික අප්‍රානිකත්වයට හේතුව ඔබ ගන්නා ඖෂධ ලෙස සිතෙන්නේ නම්
වෛද්‍ය වරයා මගෙන් අසන ප්‍රශ්න මොනවාද ?
- ඔබගේ ඔබගේ ලිගුව ,මීට කලින් ප්‍රානවත් වන්නේ ද ?
- ඔබට පවතින්නේ ලිගුව ප්‍රනවත් කරගනිමේ අපහසුවද නැත්තම් ප්‍රානවත් වු ලිගුව ඒ ආකාරයෙන්ම සන්සර්ගය අවසන් වන තුරුම පවත්වගනිමෙ අපහසුවද?
- රාත්‍රි කලයෙදී සහ පන්දර කලයෙදි ලිගුව ප්‍රානවත් වන්නේද?
- ඔබේ ගැටලුවට දැන් කොපමන කාලයක් වන්නෙද ?
- ඔබ ගන්නා ඖශද වර්ග මොනවද?
- ඔබ ගන්නා ඖශද වර්ග මොනවද?
- ඔබ දුම් බොන්නෙද ? එසෙ නම් කොපමන ප්‍රමනයක්ද
- ඔබ මදය සාර භවිතා කරන්නෙද ? එසෙ නම් කොපමන ප්‍රමනයක් ද ?
- ඔබ කිසියම් ශල්ය කර්මයකට භජනය උයේද?
- ඔබ මන්සිකව වැටි සිටින්නෙද ?
- ඔබ කිසියම් දෙයක් පිලිබදව නිතර සිතමින් ,දුකින් සිටින්නෙද ?
- ඔබ විශල වශයෙන් මනසික පිඩනයකට හසුවි සිටින්නෙද ?
- ඔබට රාත්‍රි හොදින් නින්ද යන්නෙද ?
- ඔබ ඔබේ ලින්ගික කාර්ය හරි අකරයට කරගත නොහැකි වේ යන බියෙන් පසු වන්නෙද ?
ප්‍රතිකාර ක්‍රම මොනවාද ?
ප්‍රතිකර ක්‍රම කිහිපයක් පවතින අතර ,ඒ එක් එක් ප්‍රතිකර ක්‍රමය ඔබගේ ගටලුවට ඇති හේතුව මත තීරනය වෙ.මෙ නිසා මෙම ප්‍රතිකර වෛද්‍ය වරයකු හමුවිමෙන් පසුව භවිතා කල යුතුවේ.
ප්‍රතිකර ක්‍රම
- ඖෂධ බීමට ගැනිම
- ඖෂධ ලිගුව තුලට විදීම
- ඖෂධ මුත්‍ර මර්ගයට විදිම
- ඖෂධ කර්ම කීරීම
- Vacuum devise වීඩියෝව මෙතනින් බලන්න
බීමට ගාන්නා ඖෂධ වර්ග
- සිල්ඩෙනෆිල් ( වියග්‍රා)
- වඩෙනෆිල්
- ටඩලෆිල්
මෙම ඖෂධ වල අතුරු විපක පවතින බැවින් වෛද්‍ය වරයකු ගේ අනුමතියකින් තොරව ගැනිම හානි දයකය
ads
මට නං තාම නෑ! ඒත් කුතුහලේට අහන්නේ මහත්මයා!
ReplyDeleteVacuum devise කියන්නේ මොකක්ද?
ඖෂධ ලිගුව තුලට විදීම කියලා දැක්කම් නං බයටම ලෙඩේ හොදවෙයි! හප්පේ...............!
වීඩියෝව බලන්න දී ඇති ලින්ක් උඩ ක්ලික්
Delete