කුරුලා ( Pimples ) වධයෙන් මිදෙන්න


කුරුලා (පිම්පල්) ACNE


කුරුලා යනු සමේ ඇතිවන තත්වයකි , මෙහිදී මුහුණ මත සුද පැහැති ,කළු පැහැති සහ රතු පැහැති කුඩා ගෙඩි මතුවන අතර සමහර ඒවා වේදනා සහගත වේ .
කුරුලා   (පිම්පල්) ඇති වන්නේ කෙසේද ?  



 සමේ සාමාන්‍යයෙන් සිදුරු පවතින අතර ඒවායේ රෝම කුප සහ ස්නේහ ( තෙල් ) ශ්‍රවී ග්‍රන්ථි පිහිටයි . මෙම ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන ස්නේහ මගින් කල් පැනගිය සම මතු පිට සයිල ඉවත් කර සම සුසිනිදු කරයි .


කුරුලා ඇති වන්නේ කාහටද ?
ඉතා බහුලවම තරුණ පිරිස අතර කුරුල දක්නට ලැබෙන අතර එය ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙකුට තිබිය හැක ( උද : කුඩා දරුවන් ). සෑම තරුණ හතර දෙනෙකුගේන් තිදෙනෙක්ම දෙනෙක්ම කුරුලා නිසා පීඩා විදී . කුරුලා තම පරම පර්වෙන්ද පැවැත ඒ . ඒ නම් ඔබගේ මව හෝ පියාට හෝ වෙනත් පවුලේ කුනේකුන් හට කුරුලා පැවතුනි නම් ඔබට ද කුරුල පැවතීමට ඇති ඉඩ කඩ බොහෝය
කුරුල වැඩි වන සාධක මොනවද ?
  • වැඩි වියට පත් වූ මුල් අවදිය 
  • අර්තව චක්‍රයට අසන්න කාලය
  • ගැබ්බර කාලය
  • උපත් පාලන පෙති ගැනීම
  • තෙල් සහිත සංයෝග මුහුණට දීම
  • ඔබ ගන්න ඇතැම් බෙහෙත් වර්ග නිසා (steroids, testosterone, estrogen, and phenytoin)
  • මානසික පීඩනය
  • අධික ලෙස දහදිය දැමීම
  • අධික සිනි සහිත ආහාර ගැනීම
චොකලට , රට කජු , තෙල් සහිත ආහාර මගින් කුරුල ඇති කරන බවට කිසිම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී නැත





රෝග ලක්ෂණ මොනවද ?
කුරුල සාමාන්‍යයෙන් මුහුණේ සහ උරහිසේ ඇතිවන අතර ඊට අමතරව බද , අත්, කකුල් , තට්ටම් යන ප්‍රදේශවල ද ඇති වේ.
  • කළු ලප / ගෙඩි  
  • සුදු ලප / ගෙඩි
  • දියර පිරුන ගෙඩි
  • රතු පැහැති කුඩා ගෙඩි
  • සැරව පිරුන ගෙඩි
ප්‍රතිකාර ක්‍රම මොනවාද ? Treatment option

තමාටම ගෙදරදී කල හැකි දේ  

  • ඔබේ මුනුණ හොදින් සම නොවියලවන සබන් වර්ගයක් යොදා දිනපතා පිරිසිද ඉතා වැදගත්ය . 
  • මේ සදහා ඔබට වෙළද පලෙන්පහතින් දක්වෙන්න වූ සබන් වර්ග භාවිතා කල හැක . 
  • Dove, Neutrogena, Cetaphil, CeraVe,  
  • මුහුණ සේදීමේදී දවසට දෙවරක් හොදටම සැහෙන අතර තදින් මුහුණ ඇතිල්ලීමෙන් වැළකිය යුතුය 
  • හැකි තාක් දුරට අනවශ්‍ය ලෙස මුහුණු අලංකාර කරන ආලේපන (make-up) භාවිතා නොකළ යුතුය
  • ඔබේ හිස කෙස් තෙල් සහිත නම් දිනපතා ශම්පෝ (Shampoo) යොදා සේදිය යුතු අතර කොණ්ඩය පිරීමේදී පිට පසට පිරිය යුතුය මන්ද ඔබේ හිස් කෙස් මුහුණට වැටීම වැලක්වීමට 

මම නොකළ යුතු දේ මොනවද ?

  • කුරුලා ගෙඩි මිරිකීම ,කැසීම , ඇතිල්ලීම වැනි දේ කිරීම ඉතාමත් හානි කරය මන්ද එමගින් විෂ බීජ මගින් අසාදනය වීම , සම ගොරෝසු වී වල වල් සැදීමට ඉඩ ඇත .
  • හිස තද වන හිස් පළදන පැලදීමෙන් වැළකිය යුතුය ( tight headbands, baseball caps, and other hatas ) 
  • ඔබේ මුහුණ ඔබේ නිය වලින් සහ අතින් හැකි තාක් දුරට වැළකිය යුතුය 
  • මුහුණට අලේප ගැන්වීමේදී තෙල් සහිත ආලේපන ගැල්වීමෙන් වලකින්න 
  • රාත්‍රී කාලයේ දී සියලුම ආලේපන වර්ග ඉවත් කරන්න
ඉහත ප්‍රතිකාර ක්‍රම මගේ ගේ කුරුලා වලට විසදුමක් නොදෙන්නේ නම් කුමක් කල යුතුද ?
එසේ නම් ඔබට ෆාමසි වලින් වෛද්‍ය වරයකුගේ අනුමැතියකින් තොරව බෙහෙත් ( අලේප ) වර්ග ලබා ගත හැක .එම අලේප වල benzoyl peroxide, sulfur, resorcinol, or salicylic acid. යන ඖෂධ වර්ග අන්තර්ගත වේ 


වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ මොනවද ? prescription medicines 

තවදුරටත් ඔබේ කුරුලා ප්‍රෂ්නයක් නම් ඔබට වෛද්‍ය වරයකු හමු වී පහත ඖෂධ ලබා ගත හැක


  • කුරුලා ඇති පිරිසෙන් යම් කොටසකට බැක්ටීරියා නාශක ඖෂධ Antibiotics මගින් සුවයක් ලබා ගත හැක .එම නිසා වෛද්‍යවරු පහත දැක්වෙන ඖෂධ නිර්දේශ කරනු ලැබේ
  • බිමට ගන්න බැක්ටීරියා නාශක ඖෂධ (Oral antibiotics )- tetracycline, doxycycline, minocycline, erythromycin, trimethoprim, and amoxicillin
  • සමමතුපිට අලේප කිරීමේ බැක්ටීරියා නාශක ඖෂධ (Topical අන්ටිබිඔටිච්ස්) - clindamycin, erythromycin, 
  • ඊට අමතරව පහත දැක්වෙන වෙනත් ආලේපන වර්ගද නිර්දේශ කරනු ලැබේ (Creams or gels ) 
  • රෙටිනොයික් අම්ලය (Retinoic acid cream or gel ) වෙළද නාම - (tretinoin, Retin-A)
  • benzoyl peroxide, sulfur, resorcinol, or salicylic acid අඩංගු ආලේපන වර්ග 
  • Topical azelaic acid

කාන්තාවන්ගේ කුරුලා වලට හේතුව හෝ කුරුලා වැඩි වීමට හේතුව හෝමෝන නම්


  • spironolactone යන පෙති වර්ගයෙන් ඔබට අවශ්‍ය ප්‍රතිපලය ලැබේ
  • උපත් පන්න පෙති ගැනීමෙන්ද කුරුලා සුවකරගත හැක
  • වෙනත් ප්‍රතිකාර ක්‍රම

  • ලේසර් කිරණ ඇල්ලීම (photodynamic therapy)




මිට අමතරව වෛද්‍ය වරයා විසින් රසායන ද්‍රවූය මගින් මුහුණ මත සම ඉවත් කිරීම , ගෙඩි ඉවත් කිරීම , එන්නත් බිබිලි තුලට විදීම තුලින් කුරුලා සනීප කිරීම වැනිදේ කල හැක

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. are there any places in srilanka to do pdt for pimples?

    Thanks for valuable info

    ReplyDelete
  3. ගොඩාක් වටින ලිපියක්..... ඔබට ස්තුතියි

    ReplyDelete
  4. Excellent way of telling, and nice post to take facts about my presentation subject matter,
    which i am going to convey in college.
    My website ; feriebolig tyrkia

    ReplyDelete
  5. Please let me know if you're looking for a writer for your weblog. You have some really great articles and I believe I would be a good asset. If you ever want to take some of the load off, I'd love to write some content for your blog
    in exchange for a link back to mine. Please blast
    me an email if interested. Thanks!
    Check out my blog :: numerology calculator

    ReplyDelete

Post a Comment