තට්ටය පෑදීම හේතු මොනවද ?Alopecia
තට්ටය පෑදීම (හිස කෙස් ගැලවී යාම )
![pasindu](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbPgBofswRboiQ651f-wxSOMubrfE4vB5cnIp8uRb9jK3Be9xyc9Z5tEmbhzY7BbIqIlGKMdCxD6QQZWDdVXdggLN83AsfBL-ihx4a8GceJMVS1s7IAoEDww3z4vY4G-XuKVGNLQ1bTtZh/s200/MMPE_10SKN_124_01_eps.gif)
ප්‍රධාන වශයෙන් හිස කෙස් ගැලවී යාම
- පුරුෂ පක්ෂයේ හිස කෙස් ගැලවී යාම Androgenic alopecia
- ස්ත්‍රී පාර්ශවයේ හිස කෙස් ගැලවී යාම
ලෙස ආකාර දෙකකි
තට්ටය පෑදීම හේතු මොනවද ?
තට්ටය පෑදීම හේතු මොනවද ?
සෑම ස්ත්‍රී සහ පුර්ශ යන දෙපාර්ශවයම වයස්ගත වීමත් සමගම හිසේ ඇති කෙස් ප්‍රමණය ක්‍රමයෙන් අඩුවේ .සාමාන්‍යයෙන් තට්ටය පෑදීම ලෙඩ රෝගයක් නිසා සිදු නොවේ . එය
- වයස් ගත වීම ,
- ජානමය හේතු හේතුම්
- පරවෙන් පැවත එම,
- ඇගේ හෝමෝන වෙනස් වීම
යන හේතු නිසා බොහෝ විට සිදු වේ,බොහෝ විට පිරිමි පාර්ශවයෙන් 50% ක පමණ අවුරුදු 30 පමණ වන විට තට්ටය පෑදීම සිදු වේ
තට්ටය පැදීමට හේතු වන වෙනත් සාධක මොනවද ?
- තද උන / උග්‍ර අසාදන තත්වයන්
- දරු ප්‍රසුතියෙන් පසු
- සැත්කම් වලින් පසු ,
- දරුණු රිය අනතුරු වලින් පසු
- විශාල රුධිර ගලනයකින් පසු
- තද මානසික පිඩනයකින් පසු
- බෙහෙත් වර්ග නිසා ( උපත් පාලන පෙති , වේදනා නාශක පෙති වැනි බෙහෙත් )
ප්‍රතිකාර ක්‍රම මොනවද ?
හිස කෙස් ගැලවී යාම සිදු වන්නේ අර්තව හරන්යෙන් පසු හෝ දරු ප්‍රසුතියෙන් පසු නම් එය නැවතත් මාස කිහිපයක් ( මාස 6 -7 ක් ) ඇතුලත යථා තත්වයට පත් වේ .
හිස කෙස් ගැලවී යාම සිදු වන්නේ කිසියම් ලෙඩ රෝගයක් නිසානම් ( තද උන , පිළිකා සදහා කරන ප්‍රතිකාර ) හිස කෙස් ගැලවීම වැලක්වීමට වෙනත් ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය නොවේ ,ලෙඩ රෝගය සුව වනවාත්
සමගම යලිත් හිස කෙස් නැවත වර්ධනය වේ .එතෙක් ඔබට හිස් වැසුමක් හෝ ව්‍යාජ හිස් කෙස් භාවිත කිරීමට සිදුවේ .
මම වෛද්‍යවරයෙක් හමු විය යුතුද ?
මෙම පහත ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙ ක් හමුවීම ඉතා වැදගත්
- අසාමාන්‍ය ලෙස ඔබගේ හිස කෙස් ගැලවී යන්නේ නම්
- හිස කෙස් ගැලවී යාමත් සමග හිසේ කැසීම සහ වේදනාව තිබේ නම්
- හිස් කබල රතු වී ,කැබලි ලෙස ගැලවී යන්නේ නම්
- ඔබගේ මුහුණේ කුරුලා, අසාමාන්‍ය ලෙස මුහුණේ රෝම වැවීම , ඔසප් චක්‍රයේ අසාමාන්‍යා ත පැවතීම
- ඔබ ස්ත්‍රියක් නම් ,පුරුෂ හිසකෙස් ගැලවී යාමේ ක්‍රමයට හිස කෙස් ගැලවී යන්නේ නම්
- ඔබේ බර කෙටි කාලයක් තුල වැඩි වන්නේ නම් ,සිතල දර ගැනීමට අපහසු නම් , ශරීර ශක්තිය අඩු නම්
Earn 1$ Per Click
Comments
Post a Comment