විදුරු මසින් ලේ ගලනවද ? මුකයෙන් දුගද හමනවද?


දත් මුල් දිය වීම (විදුරු මස් අසාදනය)
රෝග ලක්ෂණ මොනවාද ?
  • විදුරු මසින් ලේ ගැලීම
  • විදුරු මසේ තද රතු සහ දම් පැහැය
  • විදුරු මස ස්පර්ශයේදී ඇති වන විදුරු මසේ වේදනාව
  • විදුරු මස ඉදිමීම
  • විදුරු මස දිලිසෙන ස්බාවය
  • මුඛ දුර්ගන්ධය
  • දත් බුරුල් වීම නිසා සෙලවීම
  • දත් ඈත් වී හිදැස් ඇති වීම


සාමාන්‍ය විදුරු මස දකිනට ලැබෙන්නේ කෙසේද ?
  • ලා රෝස පැහැතියි(කලූ පැහැයට හුරු මෙලනීන් වර්ණකය තැනින් තැන තිබීම ස්වාභාවිකයි).
  • ඉදිමුණ ස්වභාවයක් නැත
  • තද ගතියක් තිබේ
  • දත් මැදීමේදී හෝ පිරිමැදීමේදී ලේ නොගලයි


විදුරු මස් දිය වීම සිදු වන්නේ කෙසේද ?
විදුරු මස් දිය වීමට හේතුව වන්නේ දත් අතර ක්ෂුද්‍ර ජීවින් බෝවී විදුරු මසේ ආසාදනයක් ඇතිවීමය . දත් අතර දිගු කාලීනව මැලියම් ( ක්ෂුද්‍ර ජීවින්,අහාර කැබලි හා කේටයේ එකතුවයි ) බැදීම මිට ප්‍රධාන හේතුව 

විදුරු මස් දිය වීමට හේතුව කුමක්ද ?
  • මුඛය පිරිසිදුව පවත්වා නොගැනීම
  • පාලනය නොකළ දියවැඩියාව
  • ගර්භනී බවය
  • පෝෂණ උණතා වලින් පෙළිම
  • සෞඛ්‍ය සම්පන්න නොවීම
  • කැඩී ගිය දත් පැවතීම
  • දත් පිරවූ ස්ථාන වල රළු ස්ථාන පැවතීම
  • හරි ආකාරව සම්බන්ද නොවූ බොරු දත් තිබීම .
  • මි මැස් මෝරය සදහා ගන්නා බෙහෙත් වර්ග නිසා ( phenytoin)
  • උපත් පාලන පෙති භාවිතා කිරීම නිසා

ප්‍රතිකාර කරන්නේ කෙසේද ?  
මෙහි ප්‍රධානම අරමුණ වන්නේ දත් අතර ඇති තදින් බැදී ඇති මැලියම් ඉවත් කිරීමයි .මෙය ඔබේ දන්ත වෛද්‍යවරයා විසින් දත් සුද්ද කිරීම මගින් සිදු කරයි .ඉන් පසු ඔබගේ මුඛ සෞඛ්‍ය හොදින් පවත්වා ගෙන යාමට ඔබ වග බල ගත යුතු අතර අවම වශයෙන් වසරකට දෙවරක් වත් වෛද්‍යවරයෙක් හමු වී දත් සුද්ද කර ගත යුතුය .ඊට අමතරව ඉහතින් කී විදුරු මස් රෝග සැදීම සදහා හේතු වන සාධක තිබේ නම් ඒවාට පළමුව ප්‍රතිකාර කිරීම අනිවාර්ය වේ .

යහපත් මුඛ සෞඛ්‍ය තත්වයක් පවත්වා ගෙන යන්නේ කෙසේද ?
උදේ සහ රාත්‍රී කෑමෙන් පසු දවසට දෙවරක් දත් මැදීමෙන්
බැක්ටිරියා නාශක ඖශධයකින් මුඛය සේදීමෙන් (mouth wash)

මවූත් වොස් ( මුඛ සෝදනය ) එකක් ලබා ගන්නේ කෙසේද ? 
ලගම ඇති ෆාමසියෙන් ඔබට වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව ඔබට ලබා ගත හැක. විවිධ වෙළද නාම වලින් වෙළද පලේ මෙම මවූත් වොස් ඇති අතර ඔබේ මුදලට ගැලපෙන මවූත් වොස් එකක් තොර ගන්න . මවූත් වොස් (mouth wash) කියා ඉල්ලන්න .

සංකුලතා මොනවාද ?
ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත නැවත විදුරු මස් දිය වීම ආරම්භ වීම
විදුරු මසේ හා හක්කේ අස්ථි වල සැරව ගෙඩි ඇති වීම.

Comments

  1. meme rogaya walakviimata gathayuthu kriya marga ganath liyanna...

    ReplyDelete

Post a Comment