ගොනෝරියා (සුදු බින්දුව)
රෝග ලක්ෂණ මොනවද ?
ස්ත්‍රීන් තුළ හටගන්නා ලක්ෂණ
රෝගී පිරිමින් තුළ හටගන්නා ලක්ෂණ
- යෝනි මාර්ගයෙන් දුර්ගන්දයෙන් යුත් කහ පැහැති උකු ශ්‍රාවයක් පිටවීම.
- යටි බඩේ වේදනාව (බොහෝවිට සංසර්ගයේ යෙදෙන විට)
- මූත්‍රා දැවිල්ල හා නිතර මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව
- ඔසප් චක්‍රයේ වෙනස්වීම්, අතරමැදි දිනයන්හි රුධිරය පහ වීම.
- ගුද මාර්ගයේ දැවිල්ල හා ස්‍රාවයන් පිට වීම.
- ශිෂ්ණය තුළින් සැරව සහිත ස්‍රාවයක් පිට වීම.
- මූත්‍රා පිට කිරීමේදී අධික දැවිල්ලක් හෝ වේදනාවක් ඇති වීම.
- නිතර මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව.
- ශිෂ්ණයේ කෙළවර රතු පාට වී වේදනාවක් දැනීම.
- වෘෂණවල වේදනාව
- ගුද ස්‍රාවයන් පිටවීම හා දැවිල්ල
මෙම රෝගය බෝකරන්නේ බැක්ටීරියාවකි. ඒ, (Neisseria
Gonorrhoea) නම් බැක්ටීරියාවයි.
මෙම බැක්ටීරියාව රෝගී අයෙකුගෙන් නිරෝගී අයෙකු වෙත සංග්‍රමණය වන ප්‍රධානම ක්‍රමය
වන්නේ අනාරක්ෂිත ලිංගික සබඳතාය.
එසේම රෝගය වැලඳී ඇති මවක දරුවකු බිහිකරන විට එම දරුවාට ද රෝගය වැලඳීමේ සම්බවිතාවක් ද ඇත
එසේම රෝගය වැලඳී ඇති මවක දරුවකු බිහිකරන විට එම දරුවාට ද රෝගය වැලඳීමේ සම්බවිතාවක් ද ඇත
අනාරක්ෂිත ලිංගික සබඳතාය යනු මොනවද ?
- සහකාරියන් / සහකරුවන් ඛිප දෙනෙක් සිටින යට
- මීට පෙර ලිංගික රෝගයකින් පෙලුන කෙනෙකු සමග සම්බන්දතා පැවැත්වූ විට
- ආරක්‍ෂිත ක්‍රම ලිංගික ඇසුරේදී යොදා නොගැනීම ( චොන්දොම්)
අතුරු විපාක මොනවද ?
ස්ත්‍රීන් හට
පිරිමින් හට
මීට අමතරව දෙපාර්ශවයටම පහත සංකුලතා ඇතිවිය හැක
ස්ත්‍රීන් හට
- පැලෝපිය නාලය අසාදනය වීම නිසා අනාගතයේදී දරුවන් නොලැබීමට හා කළල ගර්බශයෙන් පිටත පිහිටීමට ඉඩ තිබේ .
- දිගු කාලීනව යටි බඩේ වේදනාවක් ඇතිවීම (Pelvic inflammatory disease)
- ගර්බනි අවදියේ ගොනෝරියා පැවතීමෙන් දරුවාද ආසාදනයට ලක් විය හැක
පිරිමින් හට
- මුත්‍රා මාර්ගය අවහිර වීම නිසා මුත්‍රා කිරීමේ අපහසුව දැනීම
මීට අමතරව දෙපාර්ශවයටම පහත සංකුලතා ඇතිවිය හැක
- සන්දි කැක්කුම (ආතරිටිස් )
- හර්දය අසාදනය වීම
- මොළය අසාදනය වීම
- ඕව් මෙය සම්පුර්ණයෙන්ම සුව කල හැකියි ඒ සදහා ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයා නියම කරන ආකාරයෙන්ම කටයුතු කල යුතුයි
- කිසි විටකත් තනිවම ප්‍රතිකාර නොකළ යුතුයි
- වෛද්‍යවරයේක් හමුවී ඔබට වෙනත් ලිංගික රෝග පවතී දැයි පරික්ෂා කර ගත යුතයි
Comments
Post a Comment