ලිංගිකව බෝවන රෝග

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල රෝග ලක්ෂණ මොනවද  ?

  • ලිංගේන්ද්‍රය ආශ්‍රිතව අසාමාන්‍යය ලෙස ස්‍රාවයන් පිටවීම. මුත්‍රා මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් එන ස්‍රාවයන් 
  • ලිංගේන්ද්‍රිය ආශ්‍රිත තුවාල 
  • ලිංගේන්ද්‍රිය ආශ්‍රිත දිය බුබුලු වැනි නෙරීම් 
  • ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ගැටිති හෝ වර්ධනය වීම් 
  • ලිංගේන්ද්‍රිය ඉදිමීම හො රතු වීම 
  • වෘෂණ කෝෂය ඉදිමීම 
  • කාන්තාවන්ගේ යටිබඩ වේදනා 
  • මුත්‍රා කිරීමේ දී වේදනාවක් ඇතිවීම, සහ නිතර නිතර මුත්‍රා පිටවීම වැනි මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග ලක්ෂණ


 මෙම රෝග සැදෙන්නේ කෙසේද ? 

රෝගී පුද්ගලයෙකුගේ ශුක්‍ර තරලය හෝ  යෝනි ස්‍රාවය නිරෝගී පුද්ගලයෙකුගේ ශිෂ්ණය, යෝනි මාර්ගය , මුඛය, උගුර හා ගුද‍යේ තැවරීම නිසා ලිංගික රෝග සැදේ

මෙම රෝග සැදෙන්නේ කාටද?

  • සහකරුවන්/ සහකාරියන් කීප දෙනෙකු සිටින අයට
  • විශ්වාසය තැබිය නොහැකි අය හා අනාරක්ෂිතව අහඹු සබදතාවයන් ඇතිකර ගැනීමට ඉදිරිපත් වන්නන් හට
  • ගණිකාවන් හට
  • අන් අය සමග අනාරක්ෂිත ලෙස ලිංගික සබදතා පවත්වන සහකරුවෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම
මෙම  රෝග වලින් ආරක්ෂා වන්නේ කෙසේද  ?

  • සහකරුවන්/ සහකාරියන් එක් අයකුට පමණක් සිමා කිරීම 
  • විශ්වාසය තැබිය නොහැකි අය සමග සම්බන්දතා නොපැවිත්විම 
  • ගණිකාවන් සමග  සම්බන්දතා නොපැවිත්විම
  • ආරක්‍ෂිත ලිංගික සම්බන්දතා පැවැත්වීම  ( කොන්ඩම් බාවිතය )
  ලිංගික රෝග වලට ප්‍රතිකාර කරන්නේ කෙසේද ?

 ලිංගික රෝග වලට ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍යවරයෙක් වෙත යොමු වීම ඉතා වැදගත්ය මක්නිසාද යත් ලිංගික රෝග වර්ග කිහිපයක් ඇති බැවින් එම රෝග වලට අනුව ප්‍රතිකාර ක්‍රමය එන්ස් බැවිනි .සැම රෝහලකම සැම වෛද්‍යවරයෙක්ම ඔබගේ පෞත්ගලිකත්වය ආරක්ෂා කරනු ලැබේ .ඔබට ගැටළුවක් තිබේ නම් අප වෙත ලියන්න slfamilydoctor@gmail.ocm
මේ ලෙඩ හංගාගෙන ඉන්න එපා  

Comments