හිස්හොරි වලට විසදුමක්

අපි හැමෝමටම  ජිවිතයේ යම්  මොහොතක  හිස්හොරි   වලින් පීඩා විදීමට සිදුවේ   ගැහැණු සහ පිරිමි පාර්ශවයේ බොහෝ දෙනෙක් මෙම හිස්හොරි වලින් දිගින් දිගටම පීඩා විදිමින් සිටි . බොහෝ දෙනෙකුට මෙය ගැටළුවක් වන්නේ හිස්හොරි පිටතට පෙන්නෙන ගත විටයි . මේ නිසා බොහෝ  දෙනෙක් විවිද  ආකාරයේ  ප්‍රරතිකාර ක්රම භාවිත කලත් තවමත් ඉන් ගැලවීමට ඉඩ ලැබී නැත .මෙම ලිපිය දිගටම කියවා පිළිතුරක් ලබා ගන්න .


 හිස්හොරි යනු මොනවද
අපගේ ශරීරයේ මතුපිට ඇති මළ සයිල ගැලවී පිටතට හලේ .එලෙසම හිසේ ඇති මළ සයිලත් එසේ ගැලවී පිටතට හලේ .බොහෝ දෙනෙකුගේ මෙමෙ ගැල හැලෙන සිල ප්‍රමාණය කුඩා නිසා එය පිටතට නොපෙනේ .නමුත් හැලෙන සයිල සන්ඛ්‍යව වැඩි වූ විට සයිල  ගණනක් එකට එකතු වී සුදු පැහැති කැබලි ලෙස දිස්වේ මෙය හිස්හොරි ලෙස හදින්වේ
හිස්හොරි වලට හේතු මොනවද ?   
පහත තත්වයන් සදහා හේතුවේ  
  • හිස මතුපිට ඇති තෙල් සහිත ස්භාවය
  • හිස මතුපිට දිලිර වර්දනය වීම .මෙහිදී මෙම  දිලිර විසින් හිස් මතු පිට ඇති ස්නේහ වියෝජනය කර අම්ල බවට පත් කරයි .මෙම අම්ල හිස මතුපිට සම පසාරු කර ඇතුලට ගමන් කර මතුපිට  සම ස්තරය ගැලවී වැටීම සිදු කරයි
  • ජානමය හේතු
  • උණු වතුර ස්නානය
  • අපිරිසිදු පරිසරය
  • තත්වයෙන් බාල වතුරෙන් හිස සේදීම
  • හෙයාර් ජෙල් , ක්‍රීම් ,වර්ණක භාවිතය
  • පෝෂණ උනතාව
හිස්හොරි වල රෝග ලක්ෂණ මොනවාද ?
ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හිස මතුපිට , හිස කෙස් මතුපිට හා 
ඔබගේ ඇදුම් මත ඇති සුදු පැහැති කැබලිය . ඊට අමතරව සමහර
පිරිසකට හිසේ කැසීම සභාවය ඇතිවේ .
හිස්හොරි වලට ප්‍රතිකාර කරන්නේ කේසේද ?
මේ සදහා  පහත වර්ග වල  සැම්පූ යොදා ගත හැක 
  • අසමාන්‍ය ලෙස හිස මතු පිට මළ සයිල ගැලවී යාම වලක්වන සැම්පූ  - සල්ෆර් අඩංගු සැම්පූ
  • හිස මතු පිට දිලිර වර්ධනය වීම වලක්වන සැම්පූ                   - කීටකොනසොල් , සෙලිනියුම් සල්ෆිඩ් , අඩංගු  සැම්පූ
මෙම සන්ගටක අඩංගු  සැම්පෝ වර්ග ඔබට ෆාමසි වලින් ලබා ගත හැක. ඒවා නම් නිසොරාල (Nizoral  ) නිසොරල් ගැන තව දැනගන්න   

මෙම ශම්පෝ භාවිතා කල යුත්තේ කෙසේද ?
 සතියට 2 වරක් මෙමගින් හිස සේදිය යුතුය 

හිස කෙස් ගැලවීයාමට හිස්හොරි බලපානවද ?
හිස්හොරි පවතිනේ හිස මතු පිට වන අතර හිස් කෙස් ඊට වඩා ඇතුලතින් හට ගනී ,හිස්හොරි පවතින බොහෝ දෙනෙක් හිස් කෙස් ගැලවී යාමෙන් පෙලුනද , හිස්හොරි හිස් කෙස් ගැලවී යමක් සිදු නොකරයි .

හිසහොරි බෝවෙනවද ?
හිස්හොරි පීරන පනා මගින් බෝවෙන බවට මතයක් තිබුනද .එය වැරදි මතයකි

Comments