ඔබේ බර වැඩිද ?

මගේ බර ප්‍රමාණවත්ද ?
 ඔබේ බර නියමිත ප්‍රමනයටද තියෙන්නේද යන්න තීරණය වන්නේ ඔබේ උස මතය.ශරීරයේ බර නියමිත ආකාරයට පවතීද යන්න බැලීමට අප ශරීර ස්කන්ද දර්ශකය යොදා ගනී (body mass index) BMI . එය පහත සමිකරනය මගින් පහසුවෙන් ලබා ගත හැක .(බර කිලෝග්‍රෑම් වලින් ගෙන එය උසේ වර්ගය මීටර් වලින් බෙදන්න එවිට ශරීර ස්කන්ද දර්ශක අගය ලැබේ)
ශරීර ස්කන්ද දර්ශකය BMI = බර ( කිලෝ ග්‍රෑම් වලින් ) / උසේ වර්ගය (මීටර් වලින් )

දැන් බලන්න ඔබ අයත් වන්නේ කුමන කන්ඩයටද කියා
18.5 ට වඩා අඩු - අඩු බර
18.5 - 25 අතර නම් - සාමාන්‍ය බර
25-30 අතර නම් - වැඩි බර
30 ට වඩා වැඩි නම් - ස්ථුල ( අධි බර )



මගේ බර වැඩි මම මොකද කරන්න ඕනේ ?
මෙය අද සමාජයේ බොහෝ දෙනෙකුට ඇති දැවෙන ප්‍රශ්නයකි .මේකට දෙන්න තියෙන උත්තරය නම් හරිම සරලයි . එත් එක ක්‍රියාත්මක කරන එකනම් ගොඩක් අමරුයි .එක නිසා  මහන්සිවෙලා කැපවීමෙන් මේ  වැඩ පිළිවෙල කරොත් ඔයාගේ ඔය දැවෙන ප්‍රශ්නයෙන් මිදෙන්න පුළුවන්. 

සරලවම බර අඩු කරගන්න තියෙන්නේ ක්‍රම දෙකයි
1.සමබර පෝෂදයි ආහාර ගැනීම 
2.සුදුසු ව්‍යායාම කිරීම 

සමබර පෝෂදයි ආහාර වේලක් කියන්නේ මොකක්ද ? 
සමබර පෝෂදයි ආහාර වේලක් කියන්නේ පිෂ්ටය , ප්‍රෝටින් , ලිපිඩ සහ ඛනිජ් ලවන නියමිත ප්‍රමාණයෙන් අඩංගු අහර වෙලක්ය පිෂ්ටය බත් , තිරිගු පිටි , අල වර්ග වලින් ලබා ගත හැක .ප්‍රෝටීන් මස් , මාළු ,බිත්තර, කඩල, කවුපි , එළවලු මගින් ලබා ගත හැක ඒවගේම ලිපිඩ පොල්තෙල් , මස් වැනි ආහාර වලින් ගත හැක . කනිජ ලවන කිරි , එළවලු ,පලතුරු වැනි අහර වල අඩගුය
මම දිනකට අහර වේල් කියක් ගන්න ඕනෙද ?
දිනකට ප්‍රධාන ආහාර 3 ක් සහ ඒ අතරට කෙටි අහාර වේල් ( snak ) 2 ක් ගැනීම වැදගත්. ඉන් උදේ වෙලා ඉතාමත්ම වැදගත්ය.ඔබේ බර වැඩි නිසා හිත මතාම අහාර වේල් මග හරින්න එපා මොකද ඒක වෙනත් ලෙඩ හැදෙන්න බලපානවා. ඒක නිසා අනිවාර්යෙන්නම ප්‍රධාන ආහාර වේල් 3 නම ගැනීම ඉතාම වැදගත්

උදේ අහාර වේල ගත යුත්තේ කෙසේද ?
සතියට දවස් දෙකක් පමණ ඔබේ උදේ අහාර වේලට කඩල ,කවුපි, මුන් ඇට වැනි ධාන්‍ය එකතු කර ගැනීම ඉතාම යහපත්ය. ඉතිරි දවස් වලදී බත්, අල වර්ග ගැනීම හොදය 
දවල් සහ රැ ආහාර වේල ගත යුත්තේ කෙසේද ?
මෙහිදී බත් අඩු ප්‍රමාණයක් බෙදා ගත යුතුය ( මේස හැදී 2 ක් පමණ ). එළවලු වර්ග 2 ක් පමණ හෝ කොළ මැල්ලුමක්,සහ ප්‍රෝටීන් අඩනංගු ආහාරයක් ලෙස මස් , මළු , බිත්තර  වැනි දෙයක් ඒක් කර ගත හැක.හැකි හැම විටක දීම තෙල් බවිතය අඩු කල යුතුයුය.මස්  කැමේදී මස් වල ඇති තෙල් සහිත කොටස් ඉවත් කර පිස  ගත යුතු අතර කමේදීත් එම කොටස් ඉවත් කර ගත යුතුය .( කුකුල් මස් වල ඇති සම කොටස  , උරු මස් වල ඇති තෙල් කොටස් ) 

මම කොපමණ ප්‍රමාණයක්  ආහාරයට ගත යුතුද ?
ඔබ අහර ලබා ගත යුත්තේ ඔබගේ කුසගින්න නැති වන තුරු පමණි .කුස ගින්න නැති වහාම අහර ගැනීම නවතන්න.
කෑමට නුසුදුසු අහර මොනවද ?
කෑමට නුසුදුසු ආහාර නොමැත නමුත් පාලනයක් සහිතව අඩුවෙන් ගත යුතු අහර වර්ගන් තිබේ ඒවා නම් පිටි වලින් සෑදු කෑම වර්ග උදා : කේක් , රෝල්ස් , පෙස්ට්ය් ,බර්ගර් ) අයිස් ක්‍රිම් .

පානය සදහා සුදුසු  මොනවද ?
පානය සදහා සුදුසුම වන්නේ පිරිසිදු ජලයි .මෙමගින් ඔබගේ පිපාසය සංසිද වන අතරම තරබාරු බාවයට පත් වීමත් වලකී.පැණි බිම වර්ග බාවිතයට ගැනීමෙන් වලකින්න (උදා : කොකා කොලා , ස්ප්රිට් ) ඇල්කොහොල්  ගැනීම සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි . 

ප්‍රධාන ආහාර වෙල් අතර කුසගිනි දැනුත් මොකද කරන්නේ ?
ඒ වෙලාවට පලතුරු , පලතුරු බිම , පලතුරු සලාද වැනි දෙයක් බාවිතයට ගැනීම යහපත්ය .අනවශ්‍ය ලෙස වෙළද පොලේ ඇති කෙටි ආහාර ගැනීමෙන් වලකින්න 
ව්‍යායාම යාම කල යුත්තේ ඇයි ?
  • ව්‍යායාම කිරීම මගින් සිරුරේ ඇති මේද ප්‍රමාණය දහනය කිරීම මගින් ඔබේ සිරුරේ බර ප්‍රමාණය අඩු වන අතර ඔබට වැළදිය හැකි අධි රුධිර පීඩනය ,දිය වැඩියාව වැනි රෝගවලින් ආරක්ෂා කරන නිසා 
  • ශරීරයේ අස්ථි , මාංශ පේශි හා සන්ධි මනා සෞඛ්‍ය තත්වයෙන් පවත්වා ගෙන යාම සදහා 
  • මානසික සෞඛ්‍ය තත්වය හොදින් පවත්වාගෙන යාම සදහා 
  • වැඩිහිටි අවදියේදී වඩා ක්‍රියාශීලි වීම සදහා .
කුමන වර්ගයේ ව්‍යායාම ද සුදුසු ? 
  • සාමාන්‍ය වේගයෙන් ඇවිදීම
  • බයිසිකල් පැදීම
  • පිහිනීම
  • ව්‍යායාම උපකරණ බාවිතා කිරීම
දවසට කොපමණ වෙලාවක් ව්‍යායාම  කල යුතුද ?
දවසට පැයත් පැය භාගයත් අතර කාලයක් ව්‍යායාම වල දීම ප්‍රමාණවත් වේ

සතියට කොපමන  වර ගණනක්  ව්‍යායාම වල යෙදිය යුතුද ?
අවම වශයෙන් සතියට දවස් 5 ව්‍යායාම වල යෙදිය යුතුය .




Comments